බඩු මිල අඩුකරන හැටි කියල දෙන්න – බන්දුල මාධ්‍යවේදීන්ගෙන් අසයි

0
297

බඩු මිල වැඩි වීම ගැන ජනතාවගෙන් චෝදනා එල්ල වුවද බඩු මිල අඩුකිරීමට ක්‍රමවේදයක් නැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සතොස අලෙවි සැලේ නිරීක්ෂණයකට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

බඩු මිල අඩු කිරීමට ඇති ක්‍රමවේදය තමන්ට පැහැදිලි කරන ලෙසයි එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් නිෂපාදනය වැඩි කිරීමට හැකියාවක් නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රට තුළ විශාල ඩොලර් අර්බුදයක් පවතින මොහොතක චීන පොහොර නැවට වන්දි ගෙවීමට තීරණය කළේ තවදුරටත් ජාත්‍යන්තර වෙළෙඳ ගණුදෙනු පවත්වාගෙන ය යුතු වන නිසා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here