රජයේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (National Crime Records Bureau -NCRB) විසින් මෑතකදී නිකුත් කරන ලද දත්ත වලට අනුව, පසුගිය වසරේ ගෘහනියන් 22,372 ක් සියදිවි නසාගෙන ඇත . එය දිනකට සියදිවි නසාගැනීම් 61 ක් හෝ සෑම විනාඩි 25 කටම එකක් ලෙස හදුනාගත හැකිය.2020 දී ඉන්දියාවේ වාර්තා වූ සියදිවි නසාගැනීම් 153,052 න් 14.6% ක් ගෘහනියන් වන අතර සියදිවි නසාගත් මුළු කාන්තාවන් සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි වේ.
1997 සිට NCRB දත්ත අනුව සෑම වසරකම ගෘහනියන් 20,000 කට වැඩි පිරිසක් සියදිවි නසා ගනී. 2009 දී එම සංඛ්‍යාව 25,092 දක්වා ඉහළ ගියේය.එම වාර්තා අනුව එවැනි සියදිවි නසාගැනීම් මුලික හේතුව “පවුල් ගැටළු” හෝ “විවාහය සම්බන්ධ ගැටළු” වේ.මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මීට ප්‍රධානතම හේතුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බවයි. සියලුම කාන්තාවන්ගෙන් 30% ක් මෑත රජය කළ සමීක්ෂණයකට අනුව ඔවුන් සැමියාගේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇත.
එමෙන්ම පසුගිය වසර තුළ පමණක් ගෘහණියන් 22,372 දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති අතරම සෑම පැයකට කාන්තාවන් 61 දෙනෙකු තම ජීවිතය තොර කරගන්නා බව එම කාර්යාංශ දත්ත පෙන්නුම් කරන බව සඳහන් වෙි.
එරට ග්‍රාමියව බොහෝ ගැහැණු ළමයින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම විවාහ කර දීම සුලබ තත්වයකි.එම තත්වය සමග අඛන්ඩ අධ්‍යාපනය සහ තාරුණ්‍යයේ නිදහස සමස්ථ වශයෙන්ම අවහිරයට ලක් වේ.මෙය දැඩි මානසික පීඩනයක් දක්වා වර්ධනය විය හැකිය.කෙසේ නමුත් ගෝලීය වශයෙන් වැඩිම සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉන්දියාව මෑතක සිට වාර්තා කරයි.
ගෝලීය සියදිවි නසාගැනීම් වලින් හතරෙන් එකක් ඉන්දියානු පිරිමින් වන අතර, අවුරුදු 15 සිට 39 දක්වා වයස් කාණ්ඩයේ ගෝලීය සියදිවි නසාගැනීම් වලින් 36% ක් ඉන්දියානු කාන්තාවන් වේ.
ඉන්දියාව වැනි ආගමික විශ්වාසයන් ප්‍රමුඛ සමාජ තත්වයක් ඇති රටක සියදිවි නසා ගැනීම විවෘතව කතා නොකෙරේ.
එම සිදු වීමට ලැජ්ජාවක් සහ අපකීර්තියක් ඇති අතර බොහෝ පවුල් එය වසන් කිරීමට උත්සාහ කරති. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල මරණ පරීක්ෂණ අවශ්‍ය නොවන අතර එය ධනය හා කුල සාධක මත රඳා පවති.ජනප්‍රියම තත්වය වන්නේ පොලිසිය මෙවැනි සියදිවි නසා ගැනීම් හදිසි මරණයක් ලෙස පෙන්වයි.