නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය එල්ල කර තිබේ.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපතිවරයා ලෙස පත්කළ මුරුත්තෙට්ටුවෙ ආනන්ද හිමියන් පත් කිරීම ට විරෝධය පාමින් අද දින උපාධි ප්‍රධානෝත්සවයට සිසුන් පැමිනියේ කලු පටි බැදගෙන ය.
එහිදී අද පැවති උපාධි ප්රධානෝත්සවයේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ලාභීහු කුලපති ආනන්ද හිමියන්ගෙන් සිය උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහ.
අදාල උත්සවයට ශිෂ්‍යයන් කළු පටි පැළැඳ සහභාගී වීමට ද තීරණය කර ඇති බවද සදහන් කර ඇති බවත් එමෙන්ම තම උපාධි මංජුසාව උපකුලපතිවරිය අතින් ලබාගැනීමට අවස්ථාව දෙන ලෙසද ශිෂ්‍යයන් විසින් ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තා විය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි මංජුසාව භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව දන්වමින කුලපතිනිය වෙත ලිපියක් යවා තිබුණු කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම් ඉල්ලා තිබුණේ උපකුලපති තුමිය හෝ ආචාර්ය මහාචාර්යවරුන් අතින් හෝ උපාධි මංජුසාව ලබා දෙන ලෙසය.
ඒ අනුව අද දිනයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති තුමිය වන චන්ද්‍රිකා විජේරත්න මහත්මිය විසින් උපාධි මංජුසාවන් ලබාදීම සිදු කරනු ලැබූ අතර කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස එම අවස්ථාවට එක් වූහ.
කුලපති ආනන්ද හිමියන්ගේ දේශපාලන පත්වීමට සිය ලිඛිතව සිය විරෝධතාවය උපකුලපතිවරියට දන්වමින් මෙම උපාධි ප්‍රධානෝත්සවයට කළමනාකරණ පීඨයේ ආචාර්යවරු සහභාගී නොවුහ.