ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කළ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබේ.
මෙම යානය හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට මෙලෙස ඇතුළු වූයේ ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නමැති අභ්‍යාවකාශ යානයය.
‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යන නමින් නම් කළ මෙම රොබෝ යානය, මිනිසා විසින් හිරු ගවේෂණයට යැවූ පළමු ගවේෂණය යානයයි.
මෙතෙක් ගගනගාමීන් සේම අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේද කුතුහලයට බඳුන්ව තිබූ සූර්යයාගෙන් නික්මෙන චුම්බක ක්ෂේත්‍ර හා අංශු පිළිබඳව පුළුල් ගවේෂණයක නිරත වීම මෙම යානයෙන් අරමුණු කර තිබේ. සූර්යයා පිළිබඳ බොහෝ කාරුණු එමගින් හෙළි කරගනු ඇති බව විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවය.
මෙය මිනිසා පළමු වරට සඳ මත පා තැබීම හා සමාන ඓතිහාසික වැදගත් කමකින් යුතු සිද්ධියක් බව නාසා ආයතනය පවසයි.
‘පාකර් සෝලර් ප්‍රෝබ්’ හිරුගේ චුම්බක ක්ෂේත්රය අධ්‍යයනය කරමින්, හිරුගේ අංශු සාම්පල එක්රැස් කළ බව නාසා ආයතනය කියයි. යානය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්රමයකටය.
රොබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ බව තහවුරු කිරීමට නාසා විද්‍යාඥයන්ට මාස කීපයක් ගතවිය.
නාසා ආයතනය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යැවීම සිදුවූයේ 2018 දීය. එය හිරු වටා යමින් සෙමින් සෙමින් හිරුට ළං වීම සිදුවිය. යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ප්‍රබල වේගයකිනි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය නිපදවීමට වැය වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි.
(රොයිටර්)