2022 දී මෙි රටෙි මිනිස්සු කී දෙනෙක් මැරෙයිද දන්නෙ නෑ.රට බංකොලොත් වෙලා නායකයො රටින් පැනලා යයි

0
377


අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය.

එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී ඔහු ජනතාව කොපමණ මිය යාවි දැයි නොදන්නා බවත් සඳහන් කළේය.

එවන් තත්ත්වයකදී ආණ්ඩුවේ නායකයන් මෙරට අතහැර තමන්ගේ රටවල් වලට පැන යනු ඇති බවත් ඒ මහතා පැවසීය.

එන වසරේ මුල වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය විසින් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) සමගි ජනබලවේග කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here