ප්‍රමිතියෙන් තොර ගෑස් ගැන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකමිට ගැටලුවක් නෑලු

0
329

ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්රෝ ගෑස් නෞකා 2න් එක් නෞකාවකට ගොස් ඊයේ සිදු කළ පරීක්ෂණ වලින් පසු එහි ගැටලුවක් නොමැතිවීම නිසා එම නෞකාවේ ගෑස් මුදාහැරීමට පියවර ගත් බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ තමන්ව පත් කළ බවයි.

ඒ අනුව අදාළ නෞකාවටම ගොස් නෞකාවේදීම පරීක්ෂණ සිදු කර එය මුදාහැරීමට පියවර ගත් බව ඔහු කියා සිටියා.

මීට පෙර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ගෑස් නෙවෟකා 2හිම ගැටලුකාරී තත්වයක් පවතින බවයි.

පළමුවෙන් පැමිණි ගෑස් නැව මුදා නොහරින ලෙස පාරිභෝගික අධිකාරිය ඍජුවම දන්වා තිබුණා. එවන් තත්වයක් තුලයි යළි එක් ගෑස් නැවක් ගැටලුකාරී නොවන බව පවසා එහි ගෑස් තොග මුදා හැරීමට මෙලෙස තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here