නව ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් විසින් කියා සිටියි.
මේ පිළිබඳව දක්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් ඔමික්‍රෝන් ආසාදිත රෝගීන් හමුවිය හැකි බවයි.
එහිදී බූස්ටර් එන්නත් මාත්‍රාව ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිරෝධය දැක්වීමේ 75% ක සම්භාවිතාවක් ඇති බව අවධාරණය කළ ඔහු , බූස්ටර් එන්නත (අමතර ආරක්ෂණ එන්නත ) ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට මිලියන 2 කට අධික ශ්‍රී ලාංකිකයන් විසින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත.




