ටින්කළ මාළුවල (සැමන්) අඩංගුවිය හැකි ආසනික් ප්රමාණයට වඩා ආසනික් අඩංගු බවට තොරතුරු අනාවරණය වූ සැමන් වර්ග 08කට එරෙහිව පුත්තලම දිස්ත්රික් පාරිභෝගික අධිකාරිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙරට අලෙවි කරනු ලබන සැමන් SLS 591 ප්රමිති සහතිකය ලබාගත යුතු අතර ඒ අනුව සැමන්වල අඩංගුවිය හැකි උපරිම ආසනික් ප්රමාණය කිලෝ ග්රෑම් එකකට මිලි ග්රෑම් 01කි.
නමුත් පුත්තලම දිස්ත්රික්කයේ පාරිභෝගික අධිකාරි කාර්යාලය විසින් කරන ලද විමර්ශනයක දී මෙම සීමාව ඉක්මවා ආසනික් අඩංගු සැමන් වර්ග 08 ක් හඳුනාගෙන තිබේ.
එම සැමන්වර්ග 08න් 05ක් ම සෘජුව මෙරටට ආනයනය කර වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන අතර අනෙක් සැමන් වර්ග 03 මෙරටට මසුන් ආනයනය කර සැමන් ටින් කර බෙදාහරින ආයතන වෙයි.
පාරිභෝගික අධිකාරිය පවසන්නේ දිස්ත්රික්කය පුරා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට කරුණ වාර්තා කර තිබේ.