උත්සව සමයේ රැපියල් 1998 ට සතොසෙන් ලැබෙන සහන මල්ල

0
317

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබා දීමට නියමිත සහන පැකේජය ඊයේ පෙරවරුවේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙනු ලැබිණි.

මෙම සහන පැකේජය තුළ රුපියල් 1,998/-ක් වටිනා පහත ද්‍රව්‍ය අඩංගු වනවා.

*සුපිරි සම්බා කිලෝ 10
*ග්‍රෑම් 400 නූල්ස් පැකට් 01
*දුඹුරු සීනී කිලෝ 02
*හාල් මැස්සන් ග්‍රෑම් 200
*තේ කොළ ග්‍රෑම් 100
*ලුණු ග්‍රෑම් 400
*සුවඳ සබන් කැට 01
*රෙදි සෝදන සබන් කැට 01
*ඇල්ලී පපඩම් පැකට් 01

1998 දුරකථන අංකයට අමතා WhatsApp අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ හෝ නැතහොත් සතොස වෙබ් අඩවිය හරහා ද මෙම භාණ්ඩ මල්ල ඔබට මිල දී ගත හැකි වනවා.

එහිදී සඳුදා දිනයේ සිට පැය 48ක් ඇතුලත, දේ ගාස්තු ලෙස රුපියල් 150/-ක් අය කරමින් මෙම භාණ්ඩ මල්ල නිවෙසටම ගෙන්වා ගත හැකි බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here