සම්බන්ධන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි ?

0
300

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් ඉවත්ව විවේක ගැනීමට තීරණය කොට ඇති බව දෙමළ ජාතික සන්ධානය විසින් අද නිකුත් කරන ලද නිවේදනයක සදහන් වෙයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මත මන්ත්‍රීවරයාට දැඩි විවේකයක් මේ අවස්ථාවේදී අවශ්‍ය බැව් සදහන් වෙයි.  ඒ අනුව ඔහු දේශපාලන සාකච්ඡා මාධ්‍ය හමුවීම් හා අමුත්තන් මුණගැසීම තාවකාලිකව නතර කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ඉවත් වීමක් හෝ ඒ වෙණුවට වැඩ බලන නායකයෙකු පත් කොට නොමැති බවද දෙමළ ජාතික සන්ධානයේ නිල නිවේදනයේ සදහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here