2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළම දායකත්වය දැක්වූ පළාත් මෙන්න

0
318
Central-Bank

2020 වසරේදී මෙරට ආර්ථිකයට (නාමික දළ දේශීය නිෂ්පාදිතයේ) ඉහළම දායකත්වය ලබා දුන් පළාත් අතර පිළිවෙළින් බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත් පසු වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

බස්නාහිර පළාත මෙරට ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස අඛණ්ඩව පෙරමුණේ පසු වූ බවත් කොවිඩ් 19 වසංගතය පැතිරීම මධ්‍යයේ එම පළාතෙන් සමස්ත ආර්ථිකයට 2020 වසරේදී ලැබුණු දායකත්වය සියයට 0.1 කින් අඩු වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මධ්‍යම පළාත (සියයට 11.3) හා වයඹ පළාත (සියයට 11.00) වශයෙන් ආර්ථිකයට ඉහළම දායකත්වය දක්වන ලද පළාත් අතර පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන වල පසුවෙයි.

මූලාශ්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here