යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එම ගිවිසුමට අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව පවසමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ද පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා.
පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාමූහික වගකිම් කඩවීම හේතුවෙන් අදාළ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.
කෙසේ වෙතත් ගිවිසුමට අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බැවින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සාමූහික වගකීම් කඩකිරීමක් නොවන බවයි දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ අමාත්‍යවරුන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ.
ඒ සම්බන්ධයෙන් කොළඹ දී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ තමන් අදාළ කැබිනට් පත්‍රිකාව නොදුටු බවයි.
අමාත්‍යවරුන් තුන්දෙනෙකු යුගදනවි ගිවිසුමට අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවු බව ප්‍රකාශ කළ ද අනුරාධපුර ප්‍රදේශයේ දී අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ අදාළ ගිවිසුම තමා දුටු බවයි.
කෙසේ වෙතත් දිවුරුම් ප්‍රකාශයක් හරහා ආණ්ඩුව නියෝජනය කරන එක් පාර්ශ්වයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි පසුගියදා කොළඹදී අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.