Friday, November 15, 2024

ශ්‍රී ලංකා – පාකිස්තාන මිත්‍ර සබඳතා ගැන මෙරට පාකිස්තාන මහ කොමසාරිස්ගෙන් සහතිකයක්

සියල්කොට් හිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීම හමුවේ පකිස්තාන – ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවලට කිසිදු බාධාවක් නොමැති බව මෙරට පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම සිදුවීම වාර්තාවීමෙන් පසු පකිස්තාන ජනතාව දැඩි කෝපයට සහ ලැජ්ජාවට පත්වු බවයි.

ජනතාව ප්‍රසිද්ධියේ විරුද්ධත්වය පළ කිරීමෙන් දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය පැහැදිලි වන බව ද මහ කොමසාරිස්වරයා කියා සිටියා.එරට කර්මාන්ත ශාලාවක කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ 49 හැවරිදි ප්‍රියන්ත කුමාර මහතා පසුගිය 3 වන දින ඝාතනයට ලක්විය.

සිද්ධිය පිළිබඳ පකිස්තාන අගමැතිවරයා මේ වනවිටත් දැඩි තීන්දු කිහිපයක් ගෙන ඇති බවයි තන්වීර් අහමඩ් මහතා සඳහන් කළේ.
පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ සැකකරුවන් 130 කට ආසන්න පිරිසක් ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පකිස්තානය විදේශිකයන්ට ආරක්ෂිත රටක් බව පැවසු මහ කොමසාරිස්වරයා අවධාරණය කලේ එරට සිටින සියලු ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles