රජයට බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් ලබන ජනවාරී මාසයේ දී ස්ථිර කිරීමෙන් පසුව ඔවුන්ගෙන් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සහකාර ප්‍රවෘත්ති නිලධාරිවරයකු බැගින් බඳවා ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඒ අනුව මෙසේ බඳවා ගැනීමට බලාපොරොත්තු වන නිලධාරීන් සංඛ්‍යාව තුන්සිය හතළිස් එකක් වනවා.
මෙහි අරමුණ වන්නේ අදාළ ප්‍රදේශවල සිදුවන සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් පවතින සියලුම තත්ත්වයන් නිවැරදිව හඳුනාගැනීම හා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම උදෙසා මෙම නිලධාරීන්ගේ සහයෝගය ලබා ගැනීමයි.
ඒ ඒ ප්‍රදේශවල සිදුවන සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් මෙන්ම සංවර්ධනයට අදාළ ප්‍රාදේශීය වශයෙන් පවතින සියලුම තත්ත්වයන් නිවැරදිව හඳුනාගැනීම හා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම උදෙසා මෙම නිලධාරීන්ගේ සහය ලබාගැනිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට හසු නොවන හෝ එම මාධ්‍ය වලින් ප්‍රචාරයක් නොලැබෙන අත්‍යවශ්‍ය සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් , අවස්ථාවන් බොහෝ සේ පවතින බවත් ඒවා ජනමාධ්‍ය තුලින් මෙන්ම විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම නිරන්තරව ම සිදුකිරිම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
දිස්ත්‍රික් වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් ලෙස රජයේ ප්‍රවෘත්ති නිලධාරීවරුන්ට දිස්ත්‍රික්කය තුල පවතින රජයේ හෝ වෙනත් ආයතන වල පවතින ගැටළු නිවැරදිව සොයා වර්තා කිරිමේ අවස්ථාව තිබෙන බවත් , මෙරට මාධ්‍ය භාර අමාත්‍යවරයා වශයෙන් එය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නක් බවත් අමාත්‍යවරයා විසින් අවධාරණය කරනු ලැබී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ස්ථාපිත කර වසර 22ක් පිරීම නිමිත්තෙන් සියලුම දිස්ත්‍රික්කයන්හි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකක නිලධරීන් සම්බන්ධ කරගනිමින් මහනුවර දී පැවැති වැඩමුළුවකට එක් වෙමිනි.