පැයකට වරක් ගෑස් පිපිරීමක් මේ වසර තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 847 ක් සහ මරණ 07 ක්

0
550

අද පෙරවරු 06.00න් අවසන් වූ පැය විසි හතරක කාලය තුළ ඊයේ (19) සෑම පැයකටම එක් ගෑස් පිපිරීමක් වශයෙන් දිවයින පුරා පිපිරීම් 23 ක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම් වාර්තා වී ඇත්තේ නෙඩුන්කේනි, තිස්සමහාරාම, බෙරලිගල, අගලවත්ත සහ පිටිගල ඇතුළු ප්‍රදේශ රැසකින්.

නොවැම්බර් මස 1 වැනිදා සිට ඊයේ දක්වා දින 48 ක කාලයකදී ගෑස් සම්බන්ධ සිද්ධීන් 815ක් පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

මෙම පැමිණිලි දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවත් ඉන් සියයට 95ක් පමණ ගෑස් ලිප් වලට සිදුවූ හානි බව පොලිසිය සඳහන් කළා.

එසේම මේ වසර තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 847 ක් සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.
මෙම පුපුරායාම් හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 07 කි.

ගෑස් පුපුරා යාමේ සිදුවීම්වලින් 797 ක් ලිට්‍රෝ ගෑස් හා සම්බන්ධ සිදුවීම් ය.
ලාෆ්ස් ගෑස් හා සම්බන්ධ පුපුරායාමේ සිදුවීම් සංඛ්‍යාව 50 කි.

සමස්ත සිදුවීම්වලින් 477 ක් ගෑස් උදුන් පුපුරා යාමේ සිදුවීම් ය. සිද්ධීන් 299 ක් ගෑස් කාන්දුවීම් නිසා ඇති වූ පුපුරායාම් ය. සිද්ධීන් 52 ක් ගෑස් නළයේ කාන්දුවීම් හේතුවෙන් ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here