ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදාවෙි අත්අඩංගුවට

0
287

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12ක් ඊයේ (19) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇත්තේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රාවන් යොදවා මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේයි.විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව පසුගිය 18 සහ 19 දෙදින උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 08ක් සහ ඉන්දීය ජාතික ධීවරයින් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here