උත්සව සමයේ රට ලොක්ඩවුන් කරනවාද ? – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පැහැදිලි කරයි

0
310

එළඹෙන උත්සව සමය හා නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය උගත් පාඩම් අනුව රට පවතින තත්ත්වය අනුව කිසිදු අයුරකින් පූර්ණ වශයෙන් රට වසා දැමීමකට නොයා, ජනතාව සුරක්ෂිත කර ගනිමින් වෛරසය මර්දනයට සියලුම සෞඛ්‍ය අංශ කටයුතු කරන හෙයින් ජනතාව ද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඊට අනුගතව අවශ්‍ය එන්නත් නිසි පරිදි ලබා ගනිමින් කටයුතු කරන්නේ නම් වඩාත් සුදුසු යැයි ද සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

එමෙන්ම, කොරෝනා කාඩ්පත නීතිගත කිරීම පිළිබඳ ව ද මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින අතර, රට වසා නොදමා වෛරසය මර්දනයට හැකියාව් ලැබුණහොත් සෞඛ්‍යමය වශයෙන් එය අප ලබන ඉහළම ජයග්‍රහණය බවයි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here