Sunday, November 17, 2024

ඇණවුම් කළ බොරතෙල් නැව ප්‍රමාද වීම නිසා සපුගස්කන්ද යළි වැසේ ?

තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් පැවතීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බවට වාර්තා වනවා.

පසුගිය 7වැනිදා යළි විවෘත කෙරුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව මීට පෙර ද තාවකාලිකව වසා දැමුණා.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කලේ බොරතෙල් අඩංගු නෞකාව පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් ජනවාරි මුල් සතියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles