යාපනය විශ්ව විද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක්

0
315

යාපනය විශ්ව විද්‍යලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් පස් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඊයේ (19) රාත්‍රී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.මෙම ගැටුම හට ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් යාපනය, පන්නෙයි ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන්.ප්‍රහාරය වැළැක්වීමට ගිය හෝටල් සේවකයින්ටද විශ්ව විද්‍යාල සිසුන් පහර දී ඇති අතර මෙම සිදුවීමෙන් එම අවන්හලටද හානි සිදු වී ඇති බව සඳහන්.ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින සිසුන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ හිසට බරපතල ලෙස තුවාල සිදුව තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here