ඩොලර් අර්බුදය නිසා කිරිපිටි හිඟය තවත් උග්‍ර වෙයි

0
258

ඩොලර් අර්බුදයත් සමග හට ගෙන ඇති කිරිපිටි හිඟය මේ වනවිට තව තවත් උග්‍ර වෙමින් තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ආනයනික කිරිපිටි මෙන්ම, දේශීය කිරිපිටි ද හිඟවී ඇති බවයි වාර්තා වන්නේ.

මීට මාස කිහිපයකට පෙර ද මෙලෙසම කිරිපිටි හිඟයක් සහ කිරිපිටි පෝලිම් ඇතිවූ අතර, එහිදී රජය තීරණය කළේ කිරිපිටි සඳහා පැනවූ පාලන මිල ඉවත් කිරීමටයි.

පසුව කිරිපිටි ආනයනය කරන සමාගම් මෙන්ම දේශිය කිරිපිටි සමාගම් ද කිරිපිටි මිල ඉහළ නැංවූ අතර ඩොලර් අර්බුදයට විසඳුම් දෙමින් කිරිපිටි ආනයනය කරන සමාගම් වෙත ඩොලර් මුදා හැරීමට ද රජය කටයුතු කළා.

මෙවන් පසුබිමක් තුල වර්තමානයේදී යළිත් කිරිපිටි හිඟයක් හට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here