Saturday, November 16, 2024

’ස්පුට්නික්’ එන්නතට තවමත් WHO අනුමැතිය නෑ

රුසියාවේ ‘ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත.

මේ හේතුව නිසා ‘ස්පුට්නික් 5’ එන්නත ලබා ගත් බොහෝ දෙනකු විදේශගතවීමේදී අර්බුද රැසකට මුහුණ දෙන බව ද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණත්, රටවල් රැසක බොහෝ දෙනකුට ‘ස්පුට්නික් 5’ එන්නත ලැබී තිබේ.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ලබා ගෙන ඇත්තේ ‘ස්පුට්නික් 5’ එන්නතය. ලොව පළමුවෙන් නිපදවූ එන්නත ලෙස සැලකෙන්නේ ද ‘ස්පුට්නික් 5’ ය.

එන්නතට අනුමැතිය දීම සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ප්‍රමාණවත් සායනික වාර්තා සහ දත්ත තමන් අතට පත් වී නැති බැවින් එන්නතට අනුමැතිය දීම දිනෙන් දින ප්‍රමාද වන බවය.

ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉදිරි මාස කිහිපය ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය ‘ස්පුට්න්ක් 5’ සඳහා අනුමැතිය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles