බිලියන ගණනින් හොරකම් කරන රටේ ‌පොල් ගෙඩියක් ‌හොරකම් කළ අයකු නිරුවත් කර අමානුෂික ලෙස පහර දීලා

0
324

ඇතැම් පුද්ගලයන්ට එදිනෙදා ආහාර සපයාගැනීමත් අසීරු මෙවන් කාලයකදී පොල් ගෙඩියක් සොරකම් කළ බව පවසමින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදුන් පුවතක් නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එහිදී මෙම පුද්ගලයාට පොල් වත්තක පාලනාධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙලෙස පහරදී ඇති බවත්, එම අවස්ථාවේ අමානුෂික ලෙස පහර දුන් පිරිස විසින් එම පුද්ගලයාගේ ඇඳුම් ඉවත්කර නිරුවතින් මාර්ගයේ ඇවිදීමට සැලැස්වූ බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරමින් පැවසීය.

මෙම සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම පොල් වත්ත ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉදිරි නීතිමය පියවර ගැනීමට නිමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here