Friday, September 20, 2024

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ත්‍රි රෝද රථ ගාස්තුවත් රුපියල් 80 දක්වා ඉහළ දමයි

පළමු කිලෝමීටරය සඳහා අයකරන රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්‍රි රෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සිය මිල ගණන් ඉහළ නංවා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය කර ඇත.

PickMe කොළඹ අවට ප්‍රදේශ වල පළමු කිලෝමීටර දෙක තුළ රු. 110ක් ලෙසත්, ඉන්පසු වැඩිවන සෑම කිලෝමීටරයකටම රු. 35ක් ලෙසත් ඌබර් පළමු කිලෝමීටර් දෙකට රු. 120ක් ලෙසත් ඉන්පසු වැඩිවන සෑම කිලෝමීටරයකටම රු. 35ක් ලෙසත් ගාස්තු අයකරන්නට තීරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles