දෙසැම්බර් 31 වන විට මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3 දක්වා ඉහළට

0
331

දෙසැම්බර් 31 වනවිට මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හිරු ටී.වී. සලකුණ වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.

මේ අතර, ඊයෙ මධ්‍යම රාත්‍රියේ දී මෙරට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දැමුණා.

පළමුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම ඉහළ දැමූ මිල ගණන් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, පසු ව අයි.ඕ.සී තෙල්වල මිල ද වැඩි වෙන බව නිවේදනය වුණා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් වූ මෙම නිවේදනය හිරු ටී.වී ඔස්සේ විකාශය වූයේ සලකුණ වැඩසටහන අතරතුරදීයි.

එහි දී මහබැංකු අධිපතිවරයා ප්‍රධාන සම්පත් දායකයා ලෙස එක් අසුනක හිඳගෙන සිටිද්දී අනෙක් අසුනෙහි සිටි නිවේදකයාට තෙල් මිල වැඩි වීමේ නිවේදනය කියවන්නට සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here