Saturday, September 21, 2024

බන්දුල සර්ව පාක්ෂික සමුළුවක් ඉල්ලයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

“ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ, පාට භේදවලින් තොරව අතිගරු ජනාධිපතිතුමා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි. මේ රටට අත්වුණ ඉරණමත් ඒ ඉරණම වෙනස් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් පිළිබඳ ජාතික වශයෙන් පුළුල් සංවාදයක් ඇතිවිය යුතු වෙනවා. අපිට පුළුවන් මේ අර්බුදය විසඳීම සඳහා 11 වතාවක් ගිය ආකාරයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න. ඛනිජතෙල් මිල වැඩිකරන්න ඕනේ. ගෑස් මිල වැඩිකරන්න ඕනේ. ආනයනය සීමා කිරීම් ඉවත් කරන්න ඕනේ. මුදලේ අගය නිදහසේ පාවෙන්න අරින්න ඕනේ. ජනතාවගේ ඉල්ලීම ඒක නම් ඒක කරන්න පුළුවන්” බව අමාත්‍යවරයා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles