Saturday, September 21, 2024

තෙල් මිල වැඩිකිරීම තාවකාලිකයි.ආර්ථිකය ශක්තිමත් වුන ගමන් තෙල් මිල අඩු කරනවා

තෙල් මිල වැඩි වීම තාවකාලික දෙයක් බවත් ආර්ථිකය ශක්තිමත් වූ විට නැවත අඩු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (21) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක් බවයි.

“තෙල් මිල ඊයේ රාත්‍රියේ සිට වැඩි වුණා. රජයක් ලෙස විශාල වශයෙන් පාඩු ලබාගෙන තමයි පසුගිය කාල පරිච්ඡේදයේ තෙල් මිල ඉහළ නොදමා ස්ථාවරව තබා ගත්තේ.

මේ තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක්. ඉදිරියේදී අපේ ආර්ථිකය ශක්තිමත් උනහම අපි තෙල් මිල නැවත අඩු කරනවා.

ගෝලීය වසංගතය සමග ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපිට විවිධ තීන්දු තීරණ ගන්න සිදු වෙනවා. පාඩු ලබනවද එසේ නැත්නම් තෙල් මිල ඉහළ දමනවාද කියලා. රජයේ තීන්දු කලා තෙල් මිල ඉහළ දමන්න.

ගෝලීය ආර්ථික අර්බුදයක් ආපුහාම රටත් රැකිලා එහි ජනතාවත් රැකගන්න ඕනෑ ඒක නිසා අපි මුලින්ම ජනතාවගේ ජීවිත ආරක්ෂා කළා. තෙල්වලින් සිදුවන පාඩුව ජනතාවට ලබා නොදී සිටියහොත් එම පාඩුව දරාගන්න වෙන්නේ රජයටයි. රජය එම පාඩුව පියවා ගන්න ජනතා වෙත බදු පටවනවා.එතකොට ඒ බදු බර දරාගන්න වන්නේ ජනතාවටයි. ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි.ඒ නිසා අපි මේක හරියට තේරුම් ගන්න ඕනෑ.” යනුවෙන් ඇමතිවරයා පවසා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles