Friday, September 20, 2024

ජයකුත් නැති සුන්දරත් නැති පුංචි බණ්ඩා ගැන විමල් යළිත් කතා කරයි 

පෙරේදා (21) රාත්‍රීයේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ජයසුන්දර මහතාට මේ රට ආර්ථික වශයෙන් පතුලටම වට්ටවා ඉන්දු ඇමරිකානු උපායට අනුව රට ගිල ගැනීමේ උවමනාවට අනුව පහසුකම් සලසා දීමට කටයුතු කරනවාදැයි සැක සිතෙන බවයි.

ඉන්දුනීසියාවේ සුහර්තෝගේ පාලනය බිඳ වැට්ටුවේද එම උපක්‍රමයට අනුව බව පැවසූ ඒ මහතා මෙතරම් අපවාදයට පත්වෙවී පවා ඔහු තනතුරු අතහැර නොයන්නේ ඉන්දු අමෙරිකානු උපක්‍රමයට අනුව බව තහවුරු වන බවයි.

බෙදුම්වාදී යුද්ධය මගින් රට කැබැලි වලට කඩා බිඳ දමා ගිල ගැනීමට උත්සහා කළ බටහිර බලවේග වල උත්සාහය පරාජය වුවද එම උත්සාහය වෙනත් ආකාරයකින් ක්‍රියාවට නැංවීමට ජයසුන්දර මහතා දායක වන බව සැක සහිත බවයි.

ශ්‍රී ලංකා රජයෙන් නිව් ෆෝට්‍රස් සමාගමට යම් අගතියක් සිදුවුවහොත් ඇමරිකාව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට හැකි බවට යුගදනවි බලාගාර ගිවිසුමේ වගන්තියක් ඇතුළත් කර ඇතැයි විමල් වීරවංශ මහතා මෙිහිදී පවසා සිටියා.

ජනාධිපති ලේකමි පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් තමා කළ අදහස් පළ කිරීම ගැන ද විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් පළ කළේය.

ප්‍රශ්නය – අපි අර මේ ජයකුත් නැති සුන්දරත් නැති පුංචි බණ්ඩා ගැන කතා කරමු. 

“මම අද හිතන්නේ ඒ මනුස්සයාව ඇයි ජනාධිපති කළේ නැත්තේ කියලා. දැන් එයා තරම් වැඩ්ඩෙක් නැහැනේ. දැන් සමහර අයට ඒයා නැතුව මේ ආර්ථිකයේ මොකුත් කර ගන්න තේරෙන්නේ නැහැ. එයා තමයි මේකේ මාර පොර. මම අදත් එනකොට හිත හිත හිටියේ, මේ මනුස්සයා අවුරුදු 70ට වැඩියි. කොයි වේලේ හරි ෆියුස් ගහලා ගියොත්, මම එහෙම සතෙකුටවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් එක පාටරම… මාර වැඩේනේ වෙන්නේ. මේ රට නතර වෙනවා. ලෝක බැංකුව ගැන ඔක්කෝම දන්නේ එයා. IMF දන්නේ එයා. මේ ආර්ථිකයේ ගහන්න පුළුවන් අමුතු වෙට්ටු දාන්නේ එයා. එයා ගාව තියෙන දැනුම කාටවත් නැහැ. එයා නැත්නම් අපිට මාර වැඩක්. ඉතින් එයා ඉඳලානේ මෙහෙම වෙලා තියෙන්නේ. මේ ඩොලර් අර්බුදයක් ඇවිල්ලා. කර්මාන්ත ශාලාහිමියන්ට තමන්ගේ අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරුව හිරවෙලා ඉන්නවා. ගෙනාපු ඒවාගේ LCL එක ඕපන් කර ගන්න බැරුව වරායේ ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඔය කියන මහ මොළකරු අවුරුදු 20ක් විතර මේ ආර්ථිකය අතේ තියාගෙන හිටියානේ. චන්ද්‍රකා කුමාරතුංග කාලේ ඉඳන් තියාගෙන හිටියා. ඉතින් මෙයා මාර වැඩ්ඩෙක් නම් අපිට සතුටුදායක තත්ත්වයක් තියෙන්න ඕනේනේ. දැන් එහෙම නැහැනේ. නැහැ කියලා පිළිගන්න වෙනවානේ. මොකද ඩොලර් අර්බුදය කියන්නේ සුළුපටු අර්බුයක් නෙමෙයිනේ. මෙහෙම අර්බුදයක් එනවා කියලා අවුරුදු දෙදකට කලින්වත් දකින්න ඕනේනේ. අන්න එහෙම නම් එයා පට්ට වැඩකාරයෙක්. එයා පට්ට වැඩකාරයෙක් නම් එයා අවුරුදු දෙදකට කලින් කියන් ඕනේ මෙන්න මෙහෙම එකක් එනවා, අහවල් අවුරුද්ද වෙනකොට දැන්ම තියා ඒකට අපි ලෑස්ති වෙමු. අපි මේක මෙහෙම කරමු කියලා. එහෙම මොකුත් කිව්වේ නැහැනේ. මම ඇත්තටම සැකකරනවා මේ මනුස්සයාට ඕනේ මේක බිංදුවට වට්ටලා ඉන්දු අමෙරිකානු උපයාමාර්ගයට මේ රට අත්පත් කර ගන්නද කියලා.”

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles