Friday, September 20, 2024

යළිත් විදුලිය කප්පාදුවක් ?

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටුයුතු සහ අළුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරන බවය.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසීය.

බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදු වීමෙන් ඇති නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පැවසූ ඒ මහතා සඳහන් රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවල පද්ධතිය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම සීමා කිරීම් කිරීමට සිදුවන බවත් කියා සිටියේය.

ජනන යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතිය සම්බන්ධ කිරීමෙන් පසුව තත්වය පහව යනු ඇති බවට ඔහු තවදුරටත් විශ්වාසය පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles