Friday, November 8, 2024

සැහැල්ලු ගුවන් යානයක් පයාගල මුහුදු වෙරළට හදිසියේ ගොඩබායි

මෙරට පෞද්ගලික ගුවන් පුහුණු සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයක් පයාගල සහ බේරුවල අතර ප්‍රදේශයට හදිසි ගොඩබෑස්වීමක් සිදුකර තිබෙනවා.

ඒ එම ගුවන් යානයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කලේ එම අවස්ථාව වනවිට යානයේ ගමන් කර ඇත්තේ, පුහුණු උපදේශකවරයා හා පුහුණු නියමුවා පමණක් බවයි.

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයට යවා ඇති අතර මූලික පරීක්ෂණවලට අනුව කාර්මික දෝෂයක් හේතුවෙන් යානය හදිසි ගොඩබෑමක් සිදු කර ඇත.

ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති අතර මේ වනවිට අදාළ ස්ථානයට ගුවන් හමුදා වීශේෂ කණ්ඩායම් දෙකක් යොමු කර තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙකු යානාවේ සිට ඇති අතර, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles