කෘෂිකර්ම සහ මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු ඉවත් කෙරේ

0
349

වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශය දෙකක සිටි ලේකම්වරු දෙදෙනෙකු ජනාධිපතිවරයා විසින් ඉවත්කර තිබෙනවා. එලෙස ඉවත්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහාචාර්ය උදිත් ජයසිංහ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජගත් පී. විජේවීර යන අයයි.

ඒ ඉවත් කිරීමි වෙනුවට 2022 ජනවාරි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් ඩී. එම්. එල්. ඩී. බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here