මධ්‍යම ආසියාවේ නායකයන් පස්දෙනෙකු ඉන්දියාවට!

0
361

මධ්‍යම ආසියානු රටවල නායකයන් පස්දෙනෙකු ජනවාරි මාසයේදී එකවිට ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වන බව වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ, කසකස්තානය, තජිකිස්තානය, තුර්ක්මේනිස්තානය, උස්බෙකිස්තානය සහ කිර්ගීස්තානය යන රටවල රාජ්‍ය නායකයන් පස්දෙනෙකු මෙළෙස ඉන්දියාවේ සංචාරයක නිරතවනු ඇති බවයි.

ජනවාරි මස 26 වනදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම නායකයන් පස්දෙනා ඉන්දියාවේ සංචාරය කරනු ඇති බව පැවසේ.

එහිදී ද්විපාර්ශ්වීය සබදතා වැඩිදියුණු කර ගැනීම සදහා මෙම නායකයන් අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉන්දීය නායකයන් සමග සාකච්ඡා පවත්වනු ඇති බව ද සදහන් වේ.

ඇෆ්ගනිස්තානයේ මතුව ඇති තත්වයත් සමග ලෝකයේ බොහෝ රටවල් මධ්‍යම ආසියාව සමග සබදතා වැඩිදියුණු කර ගැනීම සදහා උනන්දුවෙන් පසුවන අතර ඉන්දියාවේ මෙම ආරාධනය ද එවන් පියවරක් බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here