පකිස්තානයේ ඇමතිවරයෙකු නූලෙන් බේරෙයි.

0
330

පකිස්තානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෂිබ්ලි ෆරාස් වෙඩි ප්‍රහාරයකින් දිවිගලවා ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමාත්‍යවරයා රැගත් මෝටර් රථය කයිබර්පක්තුන්කවා පළාතේ ධාරා අදාම් ප්‍රදේශය ඔස්සේ ගමන් කරන විට එය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

අමාත්‍යවරයා සිය ගම් ප්‍රදේශය වන කෝහාට් හි ප්‍රාදේශීය මැතිවරණ කටයුත්තකට සහභාගීවී ආපසු එමින් සිටියදී පිරිසක් අතර සිට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මෙහිදී අමාත්‍යවරයාගේ රථයට ගල් ප්‍රහාරයක් ද එල්ල වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ප්‍රහාරයෙන් අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නැතත් ඔහු ගමන්ගත් මෝටර් රථයේ රියදුරාට බරපතල තුවාල සිදුව ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here