ජවිපෙ වැනි දූෂිත නොවන පිරිසිදු පක්ෂයක් සමග එක් වෙන්න අපි සූදානම් – දයාසිරි

0
585

ඇතිවී තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුධය හමුවේ සුපිරිසිදු පක්ෂයක් වන නිදහස් පක්ෂයට පිරිසිදු දේශපාලන කවුරක් වන ජවිපෙ සමග සන්ධානගතව ඉදිරියේදී වැඩ කටයුතු කිරීමට සුදානම් බව නිදහස් පක්ෂ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි බවත් මහ ලේකම්වරයා මෙහිදී පවසා සිටියා.

ජවිපෙ සමග සන්ධානගත වීමට නිදහස් පක්ෂයට කිසිදු ප්‍රශ්නයක් නැත්තේ නිදහස් පක්ෂයේ ඇති පිරිසිදු කම බවද ඔහු පවසනවා.

ඊයේ (22) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා, මෙසේද කියා සිටියේය.

“වාමාංශික බලවේග සියලුදෙනාම එකතු කරගත යුතුයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂත් එක්ක එකතුවෙලා අනාගතය ගොඩනගන්න ඉඩකඩ තිබෙනවා. සන්ධානගතව වැඩකරන්න අවශ්‍යනම් ඒ සඳහා අපිට හැකියාව තියෙනවා කියන එකයි මම ප්‍රකාශ කළේ”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here