ඔම්ක්‍රොන් ප්‍රභේදයට එරෙහිව සයිනොෆාම් දුර්වල බවට අනාවරණයක්.

0
497

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයට ප්‍රතිචාර දැක්වීම දුර්වල මට්ටමක පවතින බව හෙළිවී තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, චීනයේ ෂැංහයි හි පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයකදී මෙම කරැණු අනාවරණය වී ඇති බවයි.

අදාළ ප්‍රතිචාර දැක්වීම සියයට විස්සක පමණ මට්ටමක පවතින බව ද එම පර්යේෂණය මගින් අනාවරණය කර තිබේ.

එහිදී අදාළ පර්යේෂකයන් විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ,මෙම තත්වය තුළ සයිනොෆාම් එන්නත බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීමද ඵලදායී නොවනු ඇති බවයි.

විශේෂයෙන්, එය ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද එම පර්යේෂණය මගින් අනාවරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here