කාබුල් නගරයට ස්ත්‍රී රූප සපුරා තහනම් වෙයි. (Video)

0
694

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර කිසිදු ආකාරයකින් ස්ත්‍රීන්ගේ ඡායාරූප, පෝ්ස්ටර් ආදිය ප්‍රදර්ශනය නොකළ යුතු බවට තහනමක් පනවා තිබේ.

තලේබාන් සංවිධානයේ කාබුල් නගර අධිකාරිය මගින් මෙම තහනම පනවා ඇතැයි ටෝලෝ නිවුස් වාර්තා කරයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු එරට තුළ තිබූ කාන්තාවන්ගේ රුව ඇතුළත් දැන්වීම් පුවරැ ආදිය ඉවත් කළත් ඇතැම් ස්ථානවල ඒවා තවදුරටත් පැවති බව පැවසේ.

විශේෂයෙන් රූපලාවන්‍යාගාරවල කාන්තාරෑප ආදිය අභ්‍යන්තර වශයෙන් ස්ථාපිත කර තිබූ බව සදහන් වේ.

එම සියල්ල ද ඉවත් කළ යුතු බවත් කිසිදු ආකාරයට කාන්තාවන්ගේ රුව ප්‍රදර්ශනය නොකළ යුතු බවටත් වන නව නියෝගය නිකුත් වී ඇත්තේ මෙම පසුබිම තුළය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here