ගෙදර යන්නැයි ඉම්රාන් ඛාන්ට කෙරෙන බලපෑම් ඉහළට.

0
562

වහාම ඉල්ලා අස්වන්නැයි පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට කෙරෙන බලපෑම් තවදුරටත් ඉහළ ගොස් තිබේ.

පකිස්තාන මුස්ලිම් ලීගයේ උප සභාපති මාරියම් නවාස් සදහන් කරන්නේ රටේ සෑම අස්සක් මුල්ලකම ජනතාව ඉල්ලා අස්වන්නැයි සදහන් කරමින් අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ ආණ්ඩුවට බලකරමින් විරෝධතාවල නිරතව සිටින බවයි.

පකිස්තානයේ උද්ධමනය මේ වනවිට වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර එරට රුපියලේ අගය ද ඩොලරයට සාපේක්ෂව ඉහළම අවප්‍රමාණවීම වාර්තා කර තිබේ.

මෙම තත්වයට හේතුව අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ අයහපත් කළමනාකරණය බවට චෝදනා නැගී ඇත.

ඒ අනුව ආණ්ඩුවට එරෙහිව රටපුරා විරෝධතා පැනනැගී ඇති අතර පසුගියදා පැවති කයිබර්පක්තුන්කවා ප්‍රාන්ත ප්‍රාදේශීය මැතිවරණයේදී දැවැන්ත,පරාජයකට මුහුණදීමට ද ඉම්රාන්ගේ පක්ෂයට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here