සාගතයක් අත ළඟයි ගෙවත්තේ මොනවාහරි හිටවාගන්න

0
486

එන ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෙවන ලෝක යුද්ධ කාලයේදී පවා ආහාර හිගයක් ආ බවද ඒ මහතා සඳහන් කළේය.

ආහාර මිල ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති ටිකක් වගා කරගන්න. මේ වගේ කෙටි කලකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමයක්. ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ මොනවා හරි වගාකරගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here