දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථකයි. වර්ජනය තවදුරටත්

0
579

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව එම වෘත්තීය සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව, ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන විධායක කමිටු සාකච්ඡාවෙන් පසුව තීරණයක් ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේවෙතත්, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමේ ක්‍රියාමාර්ගය, පාර්සල් බාර නොගැනීමේ ක්‍රියාමාර්ගය සහ මාසික වාර්තා ලබා නොදීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව එහි ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here