Sunday, November 17, 2024

සිංගප්පූරුව අප්‍රිකානු රටවල් 10ක් සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි

සිංගප්පූරු රජය විසින් අප්‍රිකානු රටවල් 10ක් සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඒ අනුව බොස්වානා, ස්වාසිලන්තය, ගහනා, ලෙසතෝ, මලාවි, මොසැම්බික්, නැමිබියාව, නයිජීරියාව, දකුනු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රට වලට මෙලෙස පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් සිංගප්පූරුවට ඇතුළු වීමට දින දෙකකට පෙර ලබා ගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙි අතර ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට සිංගප්පූරුවට ඇතුළු වන පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත අනිවාර්යය කර තිබෙනවා.

එරට රජය දැනුම් දෙන්නේ රැකියා සඳහා අයදුම් කරන්නන්, දිර්ඝ කාලීන පදිංචිය සඳහා අයදුම් කරන්නන් සහ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන්නන් කොවිඩ් එන්නත ගෙන තිබීම අනිවාර්යය වන බවයි.

දැනට රට තුළ රැකියාවේ නිරත වන විදේශිකයින් වීසා අලුත් කරගැනීමේදීද එන්නත අනිවාර්යය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවිීමේ පියවරක් ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles