Sunday, November 17, 2024

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරමි මුදලක් ගෙවීමට තීරණයක්

රාජ්‍ය නිලධාරීන් සඳහා ලබන 2022 වර්ෂයට අදාළව රුපියල් 4,000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මඟින් මේ බව දන්වා ඇති බව සඳහන්.

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු අතර පෙබරවාරි 28 වැනිදායින් පසු මෙම අත්තිකාරම් ගෙවීම නොකළ යුතු වනවා.

එමෙන්ම මෙම අත්තිකාරම් මුදල ලබන වසර තුළදීම අයකර අවසන් කළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles