ලිබියාවට ආසන්න මුහුදේදී සරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලිබියානු ආරක්ෂක නිලධාරීන් සඳහන් කර ඇත්තේ පුද්ගල මළ සිරුරු රැසක් වෙරළට ගොඩගසා ඇති බවයි.
බොහෝ මළසිරුරු දැඩි ලෙස නරක් වී ඇති බැවින් මෙම අනතුර මීට දින දෙකකට පමණ පෙර සිදුවන්නට ඇති බවට සැක පළ කරන බව ලිබියානු බලධාරීන් පවසනවා.
ලොව වැඩිම සරණාගත බෝට්ටු අනතුරු සිදුවන මුහුදු තීරය ලෙස ද සැලකෙන්නේ ද ලිබියාවට අයත් මුහුදු තීරයයි.
මීට දින කිහිපයකට පෙර ද මෙම ප්රදේශයේදීම බෝට්ටු අනතුරකින් 160 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගොස් තිබුණා.
මේ වසරේ පමණක් සරණාගතයින් 1,500කට වැඩි පිරිසක් අනතුරුවලින් මියගොස් ඇතැයි, අන්තර්ජාතික ආයතන පෙන්වා දෙනවා.