රජයෙන් දෙන දියර පොහොර විසිකිරීම වරදක්

0
492

රසායනික පොහොර ඇණවුම් කර තිබූ තවත් සමාගම් 07 කට ඒවා ආනයනය සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය අවසර ලබා දී තිබෙනවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා සඳහන් කලේ යූරියා සහ සින්ක් සල්ෆේට් ආනයනය සඳහා මෙලෙස අවසර දී ඇති බවයි.

මේ අතර රජයෙන් නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොරවලින් නිසි ප්‍රයෝජන නොගෙන එම පොහොරවලට ප්‍රසිද්ධියේ හානි කරන්නන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල අංශ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා අවධාරණය කළා. ඒවා අවශ්‍ය නැතිනමි විසි නොකර නැවත ගෙනැවිත් භාර දෙන ලෙසද ඔහු මෙහිදී පවසා සිටියා.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් කාබනික දියර පොහොර බෝතල් පොලවේ ගසා හානිකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙය රජයේ දේපළ අවභාවිත කිරීමක් බවයි.

ප්‍රමිතියෙන් යුත් දියර පොහොර ලබා දී තිබියදීත් කාබනික වගාවට යොමුවීමේ රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමේ අරමුණින් කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවන බවද ඔහු පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here