Monday, November 25, 2024

කැබිනට් ඇමතිකමිවලින් ඉවත් වී ආණ්ඩුව විවෙිචනය කරන්න – ජනපති විමල්,වාසු,ගමිමන්පිලට කියයි

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බවත් ඔවුන්ව ඉවත් කිරීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බව ජනාධිපතිවරයා පවසා ඇත්තේ පුවත්පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී ය.

යුගදනවි බලාගාර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇතැම් රජයේ අමාත්‍යවරුන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එලෙස ඔවුන්ට චෝදනා කර ඇත.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ. එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තියෙනවා.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක් ද තිබෙන බව ජනධිපතිවරයා සිහිපත් කර ඇත්තේ ඊයේ හමුවූ පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බවයි කියන්නේ.

මේ අතර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරට එරෙහි විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් එයද වැරදි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.එමගින් ජනතාව අතරට වැරදි මතයක් යන බවත් ජනාධිපතිවරයා කීවේය .

ජනාධිපතිවරයා පී.බී. ජයසුන්දර මහතා ආරක්ෂා කරමින් අදහස් ප්‍රකාශ කිරීම විශේෂ සිදුවිමකි.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ සියලුම තීන්දු පී.බී. ජයසුන්දර මහතා විසින් තනිවම ගත් ඒවා නොවන බවත්, ඒවා කැබිනට් මණ්ඩලය විසින් සහ අමාත්‍යවරුන් විසින් ගනු ලැබූ සාමූහික තීරණ බවත්ය.

මෙි හැම දෙයකටම වගකිව යුත්තේ එකම නිලධාරියා බවට ජනතාව අතර වැරදි අවබෝධයක් එමගින් ඇති වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමනිසා පී.බී. ජයසුන්දර මහතාට පමණක් ‌ප්‍රහාර එල්ල කිරීම අතිශය පෞද්ගලික බව කී ජනාධිපතිවරයා එය පිළිගත නොහැකි එකක් බවද එහිදී සදහන් කොට ඇත.

තමන් කැබිනට් මණ්ඩලයේදී ද මේ පිළිබඳව කරුණු දැක්වූ බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ගේ දුර්වලකම් වසා ගැනීමට ඇතැමුන් ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබෙන බව ද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles