Monday, November 25, 2024

වැඩ වර්ජනයෙන් සිදුවූ පාඩුව කෝටි දෙකකට වැඩියි.වෙච්චි පාඩුව ස්ථානාධිපතිවරුන්ගෙන් අය කර ගන්න යයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබුණු වැඩවර්ජනය හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 2 කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එය සමස්ත පාඩුවෙන් අඩක් බව කියා සිටි ඒ මහතා සියයට 50 දුම්රිය මගීන් ගමන් කරන්නේ දුම්රිය වාර ප්‍රවේශපත් ගෙන බවත් ඔවුන් මේ වන විටත් එම මුදල් ගෙවා ඇතැයි ද සඳහන් කරනවා.

මේ දිනවල කොවිඩ් හේතුවෙන් දුම්රිය ආදායම් අඩු වී ඇති බවත් දිනකට රුපියල් මිලියන 15 – 20 අතර ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

වැඩිදුරටත් ඔහු පවසන්නේ ලාභ අරමුණුවලින් තොරව සේවාවක් සලසමින් කටයුතු කරන දෙපාර්තමේන්තුව ලබන ආදායම් අහිමි කරගනිමින් සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල අරමුණු පැහැදිලි නැති බවයි.

මෙි අතර දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති මෙම අලාභය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසා තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සියලුම ඉල්ලීම් ඉටුකිරීමට රජයට හැකියාවක් නැතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා අවධාරණය කරයි.

කෙසේ වුවද ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැළකී සිටීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව මඟහරවා ගැනීම සඳහා ඔන්ලයින් යටතේ ප්‍රවේශපත් නිකුත් කිරීම පිළිබඳව දුරකථන සමාගම් සමඟ සාකච්ඡා කරගෙන යන බව පෙරේදා දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවැසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට රුපියල් මිලියන 20 ක පාඩුවක් සිදුවී ඇති බව ධම්මික ජයසුන්දර මහතා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles