ඔමික්‍රෝන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත අනතුරු අඟවයි

0
651

ඔමික්‍රෝන් නව කොරෝනා වයිරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

නව ප්‍රභේදය ලෝකයේ වැඩි වශයෙන් පැතිර යන බවත් යුරෝපා රටවලට එමගින් එල්ල වී ඇති බලපෑම ඉහළ ගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ පැතිරයාමේ වේගය මීට පෙර හදුනාගත් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි බවත් එබැවින් ලොව සියලු රටවල් ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 283,223,141 ක් වන අතර ගෝලීය කොවිඩ් මරණ ගණන 5,431,076 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here