Wednesday, October 30, 2024

අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසටි නිවේදනය බල රහිත කරයි

අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව සඳහාත් හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහාත් මිස භාෂණයේ නිදහස සීමා කිරිමට නොවන බවද එම අමාත්‍යාංශය පවසයි.

මෙම නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දැක්වූ බවත් එම නීතිය සම්පාදනයේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශය අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් ඔවුන් පෙන්වා දුන් බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

එම යෝජනාව සැලකිල්ලට ගනිමින් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු පිළිබඳවද අවධානය යොමුකරමින් සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා උපදෙස් දි ඇති බවද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles