Saturday, November 16, 2024

රජයේ බදු අයකිරීමි නිසා වෙළෙඳපොළේ දියර කිරි හිඟවීමේ අවදානමක්

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

එම බද්ද දියර කිරි සඳහා ඉවත් කරගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම මඟින් කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් පිටරටින් කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා මෙසේ බදු පැනවීම මඟින් දේශීය කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය ප්‍රකාශ කරනවා. 

මෙම නව බද්ද දියර කිරි සඳහා ඉවත් කරගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් ඔවුන් සිදු කර තිබෙනවා. ඇසුරුම් සඳහා අය කරනු ලබන සියයට 5%ක බද්ද හේතුවෙන් දියර කිරි මිල ඉහළ නංවන ලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්තා වන නමුත් දියර කිරි මිල ගණන් ඉහළ දැමීම සඳහා මෙතෙක් තීරණය කර නොමැති බව ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles