වසර එකහමාරකට පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 7 ක් තවම භාවිතයට අරගෙන නෑලු

0
373

මීට වසර එක හමාරකට පමණ පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 10 න් තවමත් ධාවනයට එක්කර ඇත්තේ දුම්රිය එන්ජින් 03 ක් පමණක් බවත් මාස 6 කට පෙර මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 80 න් එකක්වත් ධාවනයට එක්කර නොමැති බව වාර්තා වෙයි.

දුම්රිය මැදිරි ගෙන්වීමේදී නිදන මැදරිද ගෙන්වීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් දැනට ලංකාවට ගෙන්වා ඇති දුම්රිය මැදිරි තුළ එක් නිදන මැදිරියක් හෝ නොමැති බවද වාර්තා වෙයි.

මීට මාස හයකට පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය මැදිරි 80 ගාල්කර තිබියදී තවත් දුම්රිය මැදිරි 80 ක් ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානමක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ලංකාවට ගෙන්වා ඇති මැදිරි හා එන්ජින් ධාවනයට එක් නොකිරීම මගින්ට සිදුකරන අසාධාරණයක් බවත් දැනට භාවිත කරන අබලන් දුම්රිය මැදිරි වෙනුවට නව දුම්රිය මැදිරිය ධාවනයට එක්කරන ලෙස ඉල්ලා සිටින බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here