එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාවට එරෙහි තහනම ඉවත් කරයි.

0
727

ඉන්දීය කුකුළු නිෂ්පාදන වෙත හොඳ කලක්…

ඉන්දියාවෙන් පශු නිෂ්පාදන ආහාර නිෂ්පාදන ආනයනය කිරීමට පනවා තිබූ තහනම ඉවත්,කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, කුකුළු මස්,බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන අපනයනය කිරීමට ඉන්දියාවට අවස්ථාව හිමිවනු ඇත.

කුරැළු උණ වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවෙන් පශු නිෂ්පාදන ආශ්‍රිත ආහාර ආනයනය කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් වසර පහක පමණ කාලයක් තිස්සේ තහනම් කර තිබිණ.

ලබන මාස⁣යේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කිරීමට සමගාමීව මෙම තහනම ඉවත් කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here