වැට් ගැන වෙළෙඳ සංගම් – ජනපති සාකච්ඡා අද

0
450

වැට් බදු සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාව රටපුරා සිදුකරන විවිධ විරෝධතා සැලකිල්ලට ගනිමින් රටපුරා පිහිටි වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මේ අනුව අදාළ සංගම් සමග අද  (04දා) සවස සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී 11% සිට 15% දක්වා අවම වැට් බදු ඉහළ දැමීම සහ අලුතින් වැට්බදු පැනවීම නිසා ඇති වී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර, මේ සඳහා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ද සහභාගි වන බව වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here